සිරිනි විරාජිත පසිඳු වේරහැර දිදුලන පහනක් සේ …..
සැමට එළිය දී බණ්ඩරනායක
මහ විදුහල බැබළේ ….//
අපමණ සිසු කැළ සතර හැදෑ රූ - නිසි ලෙස ඔබ සෙවනේ….
රට දැය දියුණට සේවය සලසති හැමතැන හෙළ දෙරණේ ….
හැමතැන හෙළ දෙරණේ…
ගුණ නැණ බලයෙන් පිරිපුන් දැනුමෙන් - රට නැගුමෙහි සුරුවෝ…
හැමදින හැමතැන කිතු ගොස පතුරති - මවුනි ඔබගේ දරුවෝ….
මවුනි ඔබගේ දරුවෝ….
සිරිනි විරාජිත …..
වියතුන් බිහිකොට සුවිසල් මෙහෙයක් - සිදුකොට ඇත පොරණේ ……….
ඔබගෙන් සිසුනට රට පවතිනතුරු - දෙනු මැන රැකවරණේ ….
දෙනු මැන රැකවරණේ
ඉර හඳ ඇතිතෙක් මේ ලක් දෙරණේ - ඔබ ගරු නම වොරැඳේ.
බණ්ඩරනායක මහ විදුහල් මව - නිති සැර දේ සැර දේ………
නිති සැර දේ සැර දේ……….. - නිති සැර දේ සැර දේ ………..






