බප/ගම් වේරහැර බණ්ඩාරනායක මහ විද්‍යාලය

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

WhatsAppImage2024-08-04at200535_1dee3a0c.jpeg
WhatsAppImage2024-08-04at175000_29f7cd25.jpeg

විදුහල්පති පණිවිඩය

පී. ඩී. එස්. සමන්කාන්ති

බස්නාහිර පළාතේ ගම්පහ කලාපයේ දොම්පෙ කොට්ඨසයේ මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති අර්ධ ග්‍රාමීය පාසලකි  වේරහැර බණ්ඩාරනායක මහ විද්‍යාලය. අප පාසල මානව දයාවෙන් සපිරිණු නිර්මාණශීලී  දූදරුවන් ලොවට දායදා කීරීම පෙරදැරි කරගනිමින් මහඟු කර්ත්තව්‍යයක් ඉටු කරන  අප විද්‍යාලය අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි.අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන ලබයි.

මෙම අති මහත්වූ කාර්යය ඉටුකරගැනීම සඳහා අප පාසලේ අධ්‍යයන අනධ්‍යයන  කාර්යමණ්ඩලය ,සිසු සිසුවියන් ,ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්,දෙමව්පියන්,හා සුභපතන්නන්ගෙන් ලැබෙන සහය ඉමහත්ය. අඩු ආර්ථික මට්ටමක් සහිත දරු දැරියන් වැඩි පිරිසක් සිටින අප පාසල අඩු පහසුකම් යටතේ වුවද සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය, පෞරුෂ සංවර්ධනය , ආකල්ප සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.එහි ප්‍රතිපලයක් ලෙස අද වන විට ආදි දූ දරුවන් රටේ ඉහළ  තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

පී. ඩී. එස්. සමන්කාන්ති
විදුහල්පති
බප/ ගම්/ වේරහැර බණ්ඩාරනායක මහ විද්‍යාලය.